අපිට අරලියගහ මන්දිරයෙන් කාලා එන්න ඕනෙ නෑ – වෙල්ගම

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකියාව තිබිය දී එලෙස නොකිරීම සම්බන්ධයෙන් නිවැරදි තින්දුවක් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක කුමාර වෙල්ගම මහතා පවසයි.

ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගය කුමාර වෙල්ගම මහතා මේ බව පැවසීය.

“පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට කිහිපදෙනෙක් ම ගිහින්. අගමැති 225 අරලියගහ මන්දිරයට කැඳවනවා නිල නොවන සාකච්ඡාවකට. අපිට අරලියගහ මන්දිරයෙන් කාලා එන්න ඕනෙ නැහැ.

ඔවුන් අපි කියන ඒවා අහන්නේ නැහැ. මම දන්නවා රාජපක්ෂවරු වැඩ කරන හැටි. දින 52 හොඳ ම උදාහරණය. නියෝගයක් ලැබුණා අගමැතිකමෙන් අයින් කරන්න.

එදා උපදෙස් දීපු නීතිඥයෝමයි අදත් ඉන්නේ. ව්‍යවස්ථාව අනුව රට ඉදිරියට යන්න පුළුවන්. ක්‍රමයක් ඉදිරියේ දී සකස්වෙයි. මැතිවරණයක් නෙමෙයි දැන් ඕනෙ වෙන්නේ. හැමෝම එකතු වෙන්න ඕනෙ.“

Leave A Reply

Your email address will not be published.