පැවති පාර්ලිමේන්තුව නොකැඳවුවොත් ජනපතිට මතක හිටින පාඩමක් උගන්වනවා..

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළහොත් ඔහුට මතක හිටින පාඩමක් උගන්වන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

පවතින තත්ත්වය මත පැවති පාර්ලිමේන්තු වහාම කැඳවා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකළහොත් ජනාධිපතිවරයාට ද මතක හිටින පාඩමක් ඉගෙනගැනීමට ලැබෙණු ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

පසුගිය රජය සමයේ දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000ක මුදලක් ලිත්‍රො ගෑස් සමාගමෙන් ලබා දී තිබිණි. සමාගම පවසන්නේ ඒ ගෑස් ප‍්‍රවර්ධන කටයුතු සදහා බව වුවත් අමිල හිමියන් පවසන්නේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගීවීම සඳහා බවයි.

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ද පොලීසිය විසින් සිදුකරමින් පවතී.

Leave A Reply

Your email address will not be published.