චම්පිකගේ හිටපු බිරිඳ අත් අකුරින් ලියූ ලිපියක් මගේ ළඟ තියෙනවා – ගම්මන්පිල (Video)

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා නිසා මුහුණදෙන්නට සිදු වූ අත්දැකීම් ගැන අත්අකුරින් ලියූ ලේඛනයක් ඔහුගේ හිටපු බිරිඳ විසින් තමනට ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

චම්පික රණවක මහතාගේ දික්කසාද නඩුව මෙහෙයවන ලද්දේ තමන් විසින් බවත්, ඊට අදාළ සියලු ලේඛන තමන් සන්තකයේ ඇති බවත් ඔහු කියා සිටියේය.

ඇයට දියණියන් දෙදෙනෙක් සිටින බවත්, ඔවුන් සමාජයට මුහුණ දිය යුතු බවත් පැවසූ ඔහු තමන් එම ලේඛන කිසිසේත් ම හෙළිදරව් නොකරන බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

පවතින දේශපාලන තත්ත්වය ගැන ද ගම්මන්පිල මහතා අදහස් පළ කළේය.

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.