දිස්ත්‍රික්ක කිහිපයකට අධික උෂ්ණත්ව අවදානම් නිවේදන නිකුත් කෙරේ

රටපුරා ප‍්‍රදේශ රැසක හෙටත් උෂ්ණත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, වයඹ, උතුරු මැද, බස්නාහිර සහ දකුණ යන පළාත්වලත් මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ මොණරාගල යන දිස්ති‍්‍රක්කවලත් උෂ්ණත්වය වැඩි අවධානම් මට්ටමටද පැමිණිය හැකි බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

එනම් එම ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41 අතර විය හැකියි. උෂ්ණත්වය එම මට්ටමේදී මස් පිඩු පෙරළීම අධික මහන්සිය හා ආඝාත තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ තිබෙනවා.

ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී තිබෙන්නේ.

Leave A Reply

Your email address will not be published.