බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ලාංකිකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන විත් තිබේ.

එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානය අද අලුයම 03.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවූ බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් 208ෙදෙනෙකු ලන්ඩන් නුවර හීතෲ ගුවන්තොටුපොළේ සිට මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙවන විශේෂ ගුවන් යානය ද අද අලුයම 04.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.

එම යානය අද පෙරවරු 10.40ට එරටට ළඟාවීමට නියමිත ය.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 3ක් සංවිධානය කර තිබේ.

– දෙරණ

Leave A Reply

Your email address will not be published.