උසස් පෙළ සිසුන් වෙනුවෙන් සාධාරණ තීරණයක් ගන්නවා – විභාග කොමසාරිස්

COVID-19 හේතුවෙන් පාසල් වසා දමා ඇති බැවින් මේ වසරේ උසස් පෙළ විභාග සලකා බලා සාධාරණ තීරණයක් ගන්නා බව විභාග කොමාරිස් සනත් පූජිත මහතා පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පසුගිය සිකුරාදා රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් පැවසුවේ, බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සිසුන් වෙනුවෙන් සාධාරණ තීරණයක් ගනු ඇති බවය.

මැයි හෝ ජුනි මාසය වන විට පාසල් නැවත විවෘත කළ නොහැකි නම් විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන බව විභාග විභාග කොමාරිස් සනත් පූජිත මහතා අවධාරණය කළේය.

සාධාරණ විභාගයක් පැවැත්විය හැක්කේ මෙම නිර්ණායක සපුරාලන්නේ නම් පමණක් බව ඔහු එහිදී සඳහන් කළේය.

මේ වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති මෙම විභාගය සඳහා සිසුන් 364,761දෙනෙකු පෙනී සිටීමට නියමිත බව සනත් පුජිත මහතා එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.