සජිත්ලට විපක්ෂ නායක කාර්යාලය දුන්නේ ඩීල් එකක් නිසා – රවී

සමගි ජන බලවේගයට විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිත කරන්නේ කෙසේදැයි එ.ජා.ප. උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීම සමගි ජන බලවේගයට අයිතියක් නොමැති බවද, ඔවුන් මෙසේ කරන්නේ භාරකාර ආණ්ඩුව සමග තිබෙන ඩීල් එකක් නිසා බවට ද කරුණානායක මහතා චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

Leave A Reply

Your email address will not be published.