පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග අගමැති සාකච්ඡා අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද (04) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විටත් දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.