උතුරු කොරියානු නායකයාගේ නැවත පැමිණීම ගැන අමෙරිකානු ජනපති සතුටින්

දින 20ක පමණ කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් වුන්ගේ නැවත පැමිණීම ගැන ට්විටර් පණිවිඩයක් යොමු කරමින් අමෙරිකානු ජනපති ඩෝනල්ඩ් ට්‍රම්ප් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔහුගේ මුත්තනුවන්ගේ උපන්දින සැමරීමෙන් පසුව උතුරු කොරියානු නායකයා පිළිබඳව කිිසිදු පුවතක් පළ නොවීය. නමුත් බොහෝදෙනෙක් පැවසුවේ කිම් ජෝන්ග් වුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහු විවේක ගන්නා බවත් ඔහුට හෘද සැත්කමක් සිදු කර ඇති බව ද ආරංචි මාර්ග පවසා තිබුණා.

නමුත් දින 20කට පමණ පසුව ඔහු මාධ්‍ය හා ජනතාව ඉදිරියේ පෙනී සිටි අතර එහිදී ඔහු කර්මාන්තශාලාවක් විවෘත කිරීමකට ද එක්ව සිටියා.

Leave A Reply

Your email address will not be published.