හැඳුනුම්පතේ අංකය අනුව යා හැක්කේ ලබන සඳුදා සිටයි – පොලීසිය

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් පිටතට යාමේ අවසර හිමිවන්නේ ලබන සඳුදා (11) සිට බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඇඳිරි නීතිය පනවා තිබියදී නිවසින් පිටතට යාමේ ක්‍රමවේදයට ජනතාවට ඒ අනුව අනුගතවීමට සිදුවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

ඇඳිරි නිතිය පනවා තිබියදී නිවසින් පිටව යාමට අවසර හිමි පුද්ගලයින්ට සිය අත්‍යාවශ්‍ය සේවා ඉටුකර ගැනීමට තමන් පදිංචි නිවසේ සිට ළඟ ම තිබෙන වෙළෙදසැලට හෝ ඖෂධ අලෙවි සැල දක්වා යාමට පමණක් ඒ අනුව අවසරය හිමිවන බව ඔහු කියා සිටියා.

එමෙන්ම ලබන සඳුදා සිට බස්නාහිර පළාත ඇතුළු රටේ සෙසු පළාත්වල කාර්යාල සහ කර්මාන්ත ශාලා විවෘතවීමෙන් අනතුරුව ඒවායේ සේවය කරනු ලබන පුද්ගලයින්ට සිය රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ බලපත්‍රය උපයෝගී කර ගනිමින් සිය රැකියාවන් සඳහා යාමට අවසරය හිමිවන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.

Leave A Reply

Your email address will not be published.