හුදකලා කෙරුණු මරදාන ඉමාමුල් අරූස් මාවත යළි විවෘතයි

පසුගිය අප්‍රේල් පළමු වන දා සිට හුදෙකලා කර තිබූ මරදාන සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශය ද අද සිට විවෘත කෙරුණි.

එම අවස්ථාවට එක්ව සිටි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මෙලෙස අඳහස් පළ කළේය.

මේ අතර කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර අකුරණ හා බේරුවල ප්‍රදේශයේ ගම්මාන දෙකක් සදහා පනවා තිබූ සීමාවන් අද (03) සිට සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මහනුවර අකුරණ ප්‍රදේශය සහ බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශ සදහා පනවා තිබූ සීමාවන් මෙලෙස ඉවත් කිරිමට පියවර ගත් බවයි.

කොවිඩ්-19 වෛරස ආසාදිතයන් හදුනාගැනීම හේතුවෙන් මහනුවර අකුරණ ප්‍රදේශය පසුගිය මාර්තු මස 29 වනදා සිට හුදෙකලා කිරීමට යුද හමුදාව පියවර ගනු ලැබුවේය.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ගම්මාන ද හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණේ පසුගිය මස 14 වන දා සිටයි.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශවලින් ගත වූ කාලය තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් එම ගම්මාන හුදෙකලා කරමින් පනවා තිබූ සිමාවන් අද සිට සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.