ප්‍රවීණ සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අද (29) දින අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

රෝගී තත්ත්වයෙන් සිටි ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවුණා.

අවසන් කටයුතු පිළිබඳව තවම තීරණය කර නැති බවයි වාර්තා වුණේ.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100කට පමණ රංගනයෙන් දායකවී තිබෙනවා.

යකඩයා, හිතුවොත් හිතුවාමයි, සරදියල්ගේ පුතා, ක්‍රිස්තු චරිතය යන චිත්‍රපට ඒ අතරින් ප්‍රධානයි.

Leave A Reply

Your email address will not be published.