ෆේස්බුක් ගිණුම් හැක් කරන මහා පරිමාණ ජාවාරමක් ශ්‍රී ලංකාවේ

කිසිවෙකුත් එවන සැක සහිත ලින්ක් ඕපන් කරන්න එපා!

මේ දිනවල ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් සීග්‍රයෙන් සොරා ගන්නා (හැක් කරන) වංචාවක් සිදුවෙමින් පවතී.

මෙය සිදුවන්නේ ඔබගේ ළඟම මිතුරෙකුගේ, පවුලේ සමාජිකයෙකුගේ, ඥාතියෙකුගේ ආදි සමීපතමයෙකුගේ ෆේස්බුක් ගිණුමෙන් එවනා පණිවිඩයකිනි.

මෙම පණිවිඩයේ දැක්වෙන්නේ යම් කිසි වෙබ් ලිපිනයකි (URL / LINK). ඉන්පසුව මෙම එවූ වෙබ් ලිපිනයට පිවිසෙන ලෙසට (ක්ලික් කරන ලෙසට) එවන පුද්ගලයා විසින් පණිවිඩයකින් කියා සිටියි.

එම වෙබ් ලිපිනය ක්ලික් කළ පසු ෆේස්බුක් වෙබ් අඩවියට සමාන අතුරු මුහුණතක් තිරයේ දිස් වන අතර, එහි ෆේස්බුක් ලොගින් තොරතුරු සටහන් කළ පසු ඔබගේ ගිණුම හැකරුන්ගේ පාලනයට නතුවේ.

ඉන්පසුව මෙලෙසට සොරා ගත් ඔබගේ (හැක් වූ) ගිණුමෙන්ද මෙම හැකරුන් කණ්ඩායම අදාල වෙබ් ලිපිනය එම ගිණුමේ මිතුරු ලයිස්තුවට බෙදා හරියි. එම ගිණුම හැක් වී ඇති බව නොදන්නා බොහෝදෙනෙක් ඒ සිය මිතුරා විසින් එවූ ෆේස්බුක් පණිවිඩයක් යැයි සිතා එම වෙබ් ලිපිනය ක්ලික් කර, සිය තොරතුරු ඇතුළත් කරමින් තමන්ගේ ගිණුම ද හැක් කරගනියි.

මෙය මෙලෙසට රැල්ලක් ලෙසට ගිණුමෙන් ගිණුමට ගමන් කරමින් ඉතා සීග්‍රයෙන් මෙරට ෆේස්බුක් පාරිශීලකයන්ගේ ෆේස්බුක් ගිණුම් හැක් වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් සිටින්නේ කොතරම් සමීපතම පුද්ගලයෙකුගේ ගිණුමකින් මෙවැනි පණිවිඩ පැමිණියත්, ඒවා විවෘත නොකර අදාළ ගිණුමේ හිමිකරුවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසටයි.

මෙලෙසට සොරකම් කළ ෆේස්බුක් ගිණුම් ඔස්සේ අදාළ වෙබ් ලිපිනය බෙදා හැර තිබූ අයුරු,,
 

 

   

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.