බටහිර ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් ප්‍රජා නායිකාවක් වන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා ගේ මව මිය යයි

බටහිර ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් ප්‍රජා නායිකාවක් ලෙස කටයුතු කළ ඔල්ගා රාමසාමි මහත්මිය අභාවප්‍රාප්තවී ඇත.

ඇය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායකයෙකු වූ ඩෙස්මන් ද සිල්වා මහතාගේ මෑණියන් ය.

එතුමිය බටහිර ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ලාංකික ප්‍රජාවට විශාල සමාජ සේවයක් ඉටු කළ කාන්තාවකි.

ලාංකික ප්‍රජාවට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවට ම ඇයගෙන් ඉටු වූ සේවය ඉමහත් ය.

වයස 90 දී විශ්‍රාම යාමෙන් පසුව පවා ඇය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළාය.

ඇය බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ද කැපී පෙනෙන චරිතයක් විය.

ඇගේ මිය යාමෙන් පසු බටහිර ඔස්ට්‍ර්ලියාවේ ගරු කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ මහතා නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.

Leave A Reply

Your email address will not be published.