පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 11.38ට

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදී තිබේ.

පුර්වභාග 11.38ට යෙදෙන සුබ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන් ය.

මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමග ආරම්භ කිරිමට නියමිතව තිබේ.

අදියර කිහිපයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර  එහිදී  කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම ද මෙමගින් අපේක්ෂා කරන බව එහි සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.