අටලුගම අද සිට යළි විවෘත කෙරේ

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ චීනකොටුව සහ පන්නිල යන ගම්මාන දෙක අද පෙරවරුවේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා සඳහන් කළේ මෙතෙක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය අද සිට යළි විවෘත කෙරෙන බවයි.

ගතවූ පැය විසිහතරක කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් අට දෙනෙකු හදුනා ගැනිමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 218ක්.

ඊයේ දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 7දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් වන අතර ඔවුන් බේරුවල ප්‍රදේශයේ සිට නිරෝධායනය සදහා යොමු කර සිටි පිරිසක්.

ඒ අනුව වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් බේරුවල ප්‍රෙද්ශයේ පන්නිල සහ චීනකොටුව යන ගම්මාන අද හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇත.

මේ අතර හුදෙකලා කර තිබු එකම පවුලකින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගත් බණ්ඩාගම අටළුගම ගම්මානය අද නැවත විවෘත කර තිබේ.

පසුගිය මාර්තු මස 27 වනදා අටලුගම ගම්මානය සම්පුර්ණයෙන් හුදෙකලා කිරිමට ලක් කළ අතර එම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20දෙනෙකු පසුව බණ්ඩාරගම,අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

අනතුරුව නිරෝධායනය අවසන් කළ ඔවුන් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණයෙන් අනාවරණ කරගත් අතර එ අනුව ඊයේ දින 16කට පසුව එම පුද්ගලයින් නිවෙස් වෙත පිටත් කර යැවීමට පියවර ගත්තේය.

Leave A Reply

Your email address will not be published.