කොරෝනා වැලඳුණු පළමු ශ්‍රී ලාංකික මරණය ස්විස්ටර්ලන්තයෙන්!

නව කොරෝනා වෛරසය වැලඳී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විස්ටර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.