අධ්‍යයන කටයුතුවලින් බැහැර නොවන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ට දැනුම්දෙයි

කොරෝනා වයිරස අවදානම හේතුවෙන් ලැබුණු නිවාඩු කාලය තුළ අධ්‍යයන කටයුතුවලින් බැහැර නොවන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නිවසේ සිටම අධ්‍යයන කටයුතු සිදුකිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය මගින් ඉදිරිපත් කරන ඊ තක්සලාව වැඩසටහන් මාලාව සමග සම්බන්ධවීමේ අවස්ථා ලබාදී තිබෙනවා. සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන් ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස, ප‍්‍රශ්න පත‍්‍ර හා කි‍්‍රයාකාරකම් ද ඊ තක්සලාව වැඩසටනට ඇතුලත්.

එමෙන් ම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප‍්‍රශ්න පත‍්‍ර විෂයන් රැසකට අදාළව සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.