ඇඳිරි නීති කාලය තුළ සියලුදෙනා සිය වාසස්ථානවල සිටිය යුතුයි!

ඇඳිරි නීතිය යළි පනවනු ලබන දිනය හෙට දින ප්‍රකාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ සියලු ම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු වේ.

ඇදිරි නීතිය පැනවීමේ අරමුණ සාර්ථක කරගැනීම සදහා ශ්‍රී ලාංකික සියලුම ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බල ප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සදහා පමණක් අවසර දෙනු ලබන අතර ඔවුන් අදාළ ආයතන මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ යුතු බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නා ගුවන් මගින් සදහා ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි වේ.

ඊයේ පස්වරුවේ සිට ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ සෑම නගරයක් ම පාහේ පාළු ස්වභාවයක් ගෙන තිබුණි.

මේ අතර ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ සෞඛ්‍ය  අංශවල සේවයේ නිරතව සිටින කාර්යය මණ්ඩල සදහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මේ අතර කොරෝනා වෛරස ව්‍යප්තිය පාලනයේ තවත් එක් පියවරක් ලෙස සියලු ආකාරයේ කණ්ඩායම් චාරිකා යළි දැනුම්දෙන තුරු තහනම් වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශිකයන් මෙන්ම මෙරට වැසියන් ද පවතින අවදානම නොතකා විනෝද චාරිකාවල නිරතවීම හේතුවෙන් එම තහනම පනවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හිඟයකින් තොරව රටපුරා බෙදාහැරිමට විධිවිධාන සලසා ඇති අතර ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් භාණ්ඩ බෙදාහරින ලෙස සතොස ඇතුළු වෙළෙඳ ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.

Leave A Reply

Your email address will not be published.