ලංකාවට කොරෝනා බෝකලේ චීනුන්.. ඉතාලියේ සිට පැමිණි අපට බනින්න එපා..- නිරෝධායන කදවුරේ පුද්ගලයෙක් තදින් කියයි Video

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.

කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කරයි.

එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අනතුරු ඇගවීමක්ද කරයි.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටී.

නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

Leave A Reply

Your email address will not be published.