පැය 72කින් නවීකරණය වූ වැලිකන්ද රෝහල

නිරෝධායන මධ්‍යස්ථානවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තාවීමත් සමග වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට පත් කිරීමට තීරණය කෙරුණි.

ඒ අනුව පැය 72 ක් වැනි කෙටි කාලයක් නවීකරණය කෙරුණු වැලිකන්ද රෝහල ඊයේ පස්වරුවේ යුද හමුදාව විසින් වැලිකන්ද මූලික රෝහල් සෞඛ්‍ය අංශ වෙත භාර දෙනු ලැබුවේය.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයින් 2463දෙනෙකු නිරෝධායනට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථානවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙවනවිට යුද හමුදාව මගින් සපයනු ලබයි.

Leave A Reply

Your email address will not be published.