නිරෝධායන කාල සීමාව තුළ මංගල උත්සවක් පැවැත්විය යුතු ආකාරය මෙන්න

COVID19 වෛරසයක් පැතිර යාමත් සමඟ රටේ මතුව ඇති තත්ත්වය සලකා මෙම කාල සීමාව තුළ මංගල උත්සවයක් පැවැත්වීමට දින නියම කර තිබේ නම් හැකිතාක් එම උත්සවය කල් දමා ගැනීමට උත්සාහයක් ගන්නා ලෙස හමුදාපතිවරයා සඳහන් කරනවා.
විවාහ උත්සවය පැවැත්වෙන දිනය කල් දමා ගැනීමට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක්ම පහසුකම් සලසා දීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළා.
එසේ නොමැති අවස්ථාවල දී පවුලේ සාමාජිකයින් එක්ව සුළු පිරිසකගෙන් එම උත්සවය පැවැත්වීමට මේ අවස්ථාවේදී කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරු දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.