හම්බන්තොට යුඇන්පී කාරයන් නාමල් රාජපක්ෂට එකතුවන්නැයි යුඇන්පී හිටපු ඇමැති දිලිප් වෙදආරච්චි කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින යුඇන්පී සාමාජිකයන් එකතු කර ගැනීමට ඇමැති මහින්ද අමරවීර ක්‍රියා කරමින් ඇති බවත් හම්බන්තොට කිසිම යුඇන්පී කාරයෙක් ඔහුට එකතු නොවන ලෙසත් හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

යන්නම ඕන නම් නාමල් රාජපක්ෂ ට එකතුවෙන ලෙසද ඔහු කියා සිටියේය. නාමල් රාජපක්ෂ මහතාගෙන් වැඩක් කර ගත හැකි බවත්, ඒ ජනාධිපති තුමාගේ පුතෙක් බවත් කී වෙදආරච්චි මහතා යනවා නම් යන්න නාමල් රාජපක්ෂ මහත්තය ගාවට..ඒ තරුණ කොල්ලෙක් යනුවෙන්ද පැවසීය.

දිලිප් වෙදආරච්චි යනු සජිත් ප්‍රේමදාසගේ අතිශය සමීප හිතවතෙක් වන අතර සජිත්ගේ හම්බන්තොට ප්‍රධානම සහයකයා ය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ය.

සම්පුර්ණ වීඩියෝව පහතින්

Leave A Reply

Your email address will not be published.