පොලිස් බල ප්‍රදේශ කිහිපයකට අද සවස සිට පොලිස් ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18) සවස 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07කටත් මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය  බලපැවැත්වෙන බවයි.

Leave A Reply

Your email address will not be published.