අමෙරිකාවේ සියලු ප‍්‍රාන්තවල කොරෝනා පැතිරෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාවේ සියලු ප‍්‍රාන්තවල පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, 50 වන ප‍්‍රාන්තය ලෙස බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109ක් දක්වා ඉහළ ගියේ අලූතින් පුද්ගල මරණ 23ක් වාර්තාවීමත් සමගයි.

මෙවන් තත්ත්වයක් තුළ අමෙරිකාවේ ප‍්‍රාන්ත 3ක ප‍්‍රාථමික මැතිවරණයක් ද මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර බි‍්‍රතාන්‍යයේද පුද්ගල මරණ 71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24ක් තුළ නව කොරෝනා මරණ 16ක් වාර්තාවීම ඊට හේතුවී තිබෙනවා. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 1,950ක්.

මේ වනවිට චීනයට වඩා යුරෝපා රටවල කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඉතාලිය තුළ රෝගීන් 31,506දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503ක් ද සමගයි. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 533ක් වාර්තා වන අතර ආසාදිතයින් ගණන 11,826ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.