දුම්රිය ස්ථානාධිපතිවරු මුදල්, පාර්සල් භාරගැනීම නවතයි

මුදල් ගනුදෙනුවලින් ඉවත්වීමේ පියවරක් ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිමට හා පාර්සල්වලට අදාළ කටයුතු සිදු නොකිරිමට දුම්රිය ස්ථානාධිපතිවරු අද (17) දහවල් තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

කොරෝනා වයිරසයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය මගින් ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස අද දහවල් 12 සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවද ඒ මහතා කීය.

යම් දුම්රිය ස්ථානාධිපතිවරයයෙකු කොරෝනා වෛරස ආසාදනයට ලක් වුවහොත් එම දුම්රිය ස්ථානයේදීම නිරෝධායනයට ලක් කළ යුතු අතර එය වැළැක්වීම සදහා මහජනතාවට සෘජුවම විවෘත වන ප්‍රවේශපත්‍ර නිකුතුව සහ පාර්සල් භාරගැනීමට අදාළ සියලු මුදල් පරිහරණ කටයුතුවලින් ඉවත්වීමට ඔවුන් පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේ දී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාලවීමක් සිදු නොවන බව සදහන්.

Leave A Reply

Your email address will not be published.