දෙමළ ප‍්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන එපා.. දකුණේ හදාගන්න.. – TNA

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට ද දැඩි අවධානම් තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති හෙයින් වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා චාල්ස් නිරමලනාදන් යන මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පා සිටියි.

එහිදී මන්ත්‍රීවරුන් විසින් කියා සිටින්නේ රජය විසින් නිරෝධයන මධ්‍යස්ථාන ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශයන්හි ඉතා පහසුවෙන් පිහිටුවීමට අවස්ථාව තිබියදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිරෝධයන මධ්‍යස්ථාන පිහිටුවීම මගින් ම උතුරු නැගෙනහිර ජනතාවගේ තත්ත්වය වැටහී යන බවට පවසා සිටියි.

උතුරු නැගෙනහිර ජනතාව අවදානම් තත්ත්වයකට දමමින් මෙසේ එම ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සිදු නොකළ යුතු බවටත් වයිරස්කාරකය වැලඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් නිරෝධයනය කිරීම සඳහා බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක නොකොට වෙනත් ප්‍රදේශයන්හි නිරෝධයනය කිරීමට රජය වහාම පියවර ගත යුතු බවට ද දෙමළ ජාතික සන්ධානය විසින් වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ/cnews

Leave A Reply

Your email address will not be published.