මහ මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

ඒ පසුගියදා පොළොන්නරු දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයා ලෙස ඔහු පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රීක් බල මණ්ඩලය රැස්වී යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයින් පසුගියදා නාමයෝජනා පත්‍ර වලට අත්සන් තැබුවද පොළොන්නරු දිස්ත්‍රීක්කයේ කිසිවෙකුත් කණ්ඩායම් නායකයෙකු ලෙස ඊට අත්සන් තැබුවේ නැහැ.

මීට හේතුවී තිබුණේ පොළොන්නරු දිස්ත්‍රීක්කයේ කණ්ඩායම් නායකත්වයට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවති මතභේදාත්මක තත්වයයි.

කෙසේවෙතත් දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රීක් බල මණ්ඩලය රැස්වී පසුගියදා යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේය.

ඒ අනුව අද දින රොෂාන් රණසිංහ මහතා සිය නාමයෝජනා පත්‍රයට තංගල්ල කාල්ටන් නිවසේදී මෙලෙස අත්සන් තැබුවේය.

Leave A Reply

Your email address will not be published.