නිරෝධායනයට මුදල් අය කරන පුවත බොරුවක් – යුද හමුදාපති

නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට රජය නියම කර තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මෙය ව්‍යාජ ලියවිල්ලක් බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.