ආසිරි සෙන්ට‍්‍රල් රෝහල මොළය සහ කොඳු ඇට පෙළ ආශ‍්‍රිත සැත්කම් 10,000 ඉක්මවයි

සිය පුරෝගාමී විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමට ලක් වූ කොළඹ ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ, 2010 වසරේ පිහිටුවන ලද Brain and Spine Centre විසින් මේ වන විට ස්නායු ශල්‍යකර්ම 10,000ක් සිදු කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ආසිරි මොළය සුෂුම්නාව සහ කශේරුකා ඒකකය (Asiri Brain and Spine Centre) මෙරට පුද්ගලික අංශයේ හෙදම ස්නායු ශල්‍යවෛද්‍ය මධ්‍යස්ථානය වන අතර ජාත්‍යන්තර මට්ටමේ නවීනතම උපකරණ සහිත ස්නායු ශල්‍යකර්ම සිදු කෙරෙන එකම ස්ථානයයි.

ප‍්‍රවීණ හා ජ්‍යේෂ්ඨ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය  සුනිල් පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන මෙම ඒකකය අපස්මාර සැත්කම් සිදු කරන ලද පළමු පෞද්ගලික අංශයේ රෝහලවන අතර තවත් අසමසම ශල්‍ය ජයග‍්‍රහණ රැසක් ලබා ඇත.  මෙම සැත්කම් ක‍්‍රියාවලිය සිදු කෙරෙන මෙරට එකම රෝහල ද මෙය වන අතර පාකින්සන් රෝගය (ගැඹුරු මොළයේ උත්තේජනය) සඳහා ද සැත්කම් සිදු කරන ලද මෙරට එකම රෝහලය.

ස්නායු ශල්‍යකර්මවල ආරක්ෂාවත් ඵලදායිතාවත් ඉහළ නංවමින් උසස් මට්ටමේ ස්නායු ශල්‍ය ප‍්‍රතිඵල සඳහා මේ වන විට ස්නායු ශල්‍යකර්ම කිරීම සදහා අවශ්‍ය නවීනතම තාක්ෂණය වන (Neuro-navigation සහ Intraoperative Monitoring system) පළමුවරට ස්ථාපනය කර ඇති අතර එමගින් උපරිම ස්නායු ශල්‍ය ප‍්‍රතිඵල ලබාගත හැකිය.

‘‘අපි දැන් මෙහි සිදු කරන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ස්නායු ශල්‍යකර්ම, මෙය තමයි ස්නායු ශල්‍යකර්ම සඳහා හොඳම ක‍්‍රමවේදය’’ යැයි වෛද්‍ය සුනිල් පෙරේරා මහතා ඇතු`ඵ වෛද්‍යවරුන් මෙහිදී පැවසීය.

මෙම ඒකකය ස්ථාපනය කළ 2010 වසරේ සිට මේ දක්වා සෑම වසරකම දළ වශයෙන් සැත්කම් 1000ක් හෝ ඊට වැඩියෙන් සිදුකරමින් සංවර්ධිත රටවල පිළිගත් ප‍්‍රමිතීන්ට සමව රෝගී මරණ අනුපාතයක් පවත්වා ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙම ජයග‍්‍රහණය මෙම කණ්ඩායමේ රෝගී ජිවිත බේරා ගැනීමට ඇති කැපවීමත් ඒ සඳහා ඔවුන්ට ඇති විශේෂඥභාවයත් මනාව පිළිබිඹු කරයි.

‘‘අපි ඇමරිකානු ප‍්‍රමිතීන් අනුගමනය කරනවා. අපගේ ප‍්‍රතිඵල ඉතා හොඳ මට්මක තිබෙනවා, කොපමණ සංකීර්ණ ස්නායු ශල්‍යකර්ම කළත්  රෝගී මරණ අනුපාතය සියයට 1%ට අඩු මට්ටමක පවතින්නේ.’’ යැයි වෛද්‍ය සුනිල් පෙරේරා ඇතු`ඵ කණ්ඩායම සඳහන් කළේය.

මෙම ඒකකයේ ස්නායු ආබාධ ස`දහා කළ හැකි සෑම ශල්‍යකර්මයක්ම සිදු කරන අතර ළමයින් හා වැඩිහිටියන්ගේ ආබාධයන් ස`දහාත් ශල්‍යකර්ම සිදුකෙරේ. එහිදී සපයනු ලබන සේවාවන් සඳහා පුළුල් පරාසයක ප‍්‍රතිකාර හා කොන්දේසි ඇතුළත් වේ. එහිදී ස්නායු ශල්‍ය විශේෂඥයින් විසින් ළමුන් හා වැඩිහිටි දෙපිරිසේම ස්නායු රෝග තත්වයන් සහ ගැටලු පිළිබඳව වඩාත් සානුකම්පිතව රෝග විනිශ්චය කිරීම සිදු කෙරේ.

‘‘ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රෝහල සතුව පවතිනවා. මෙහි සෑම දෙයක්ම නිසි ලෙස සංවිධානය කර ඇති අතර ඉහළම තාක්ෂණයෙන් යුතු උපකරණ රැසක්ම ඒකකය සතුව පවතිනවාග අපි මෙහි උපකරණ සහ විශේෂතා ඉහළම මට්ටමකට ගෙනවිත් තිබෙනවා.’’ වෛද්‍ය සුනිල් පෙරේරා පැවසීය.

වෛද්‍ය සුනිල් පෙරේරාගේ නායකත්වය යටතේ ජිවිතයට නව ජීවයක් ගෙන දෙන පැති කුද සැත්කමක් මෙහි දී සිදු කළේයග මෙය ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් කළ පළමු අවස්ථාවයි.

”අවදි ස්නායු (Awake neurosurgery) ශල්‍යකර්මයක් ලෙස හඳුන්වන සැත්කම් මෙහිදී අපි සිදු කරනවා. එහිදී මොළයේ සැත්කම් අතරතුර රෝගියා අවදියෙන් ඉන්නවා විතරක් නෙමෙයි රෝගියා එම කාලය තුළ අප සමඟ කතා කරමින් සහ ගායනා කරමින්  සිටිනවා’’ යැයි වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් පැහැදිලි කළේය.

රෝහලේදී  වෛද්‍ය පෙරේරාට සහාය වීම සඳහා විවිධතත්වයෙන් යුතු කණ්ඩායමක් සිටි. එහිදී ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්, ස්නායු නිර්වින්දන වෛද්‍යවරුන්, වෙනත් සහායක කාර්ය මණ්ඩලය, හෙදියන් සහ පුහුණු කාර්මිකයින් යන සියල්ලන්ම විශේෂඥ ප‍්‍රතිකාර ලබා දීම සඳහා එක්වෙති.

එය පිහිටුවන ලද දින සිට, රෝගීන් සඳහා කාමර 40 කින් යුත් විශේෂිත ස්නායු ශල්‍ය වාට්ටුවක්, නවීන උපකරණ සහිත වෙනම කාමර 14 කින් යුත් ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් සහ වෙනම ස්නායු ශල්‍යාගාර තුනක් MRI, CT ස්කෑන් සහ  angiography පහසුකම් සහිත නවීන උපකරණවලින් සමන්විත විකිරණ අංශයක් ද මෙම රෝහලට අයත් වනවා .

ආසිරි සෙන්ට‍්‍රල් හි මොළය සුෂුම්නාව සහ කශේරුකා ඒකකය බොහෝ දෙනෙකුගේ ජිවන ගමන් මගේ තීරණාත්මක වෙනසක් ඇතිකරන ලද බවට බොහෝ සාක්ෂි ඇත. ජීවන් ද සිල්වා නම් වයස අවුරුදු තුනක කුඩා දරුවාගේ අනු මස්තිෂ්කයේ විශාල ගෙඩියක්  ඇති බවට හඳුනාගන්නා ලදී. එහිදී වෛද්‍ය සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් ගෙඩිය සාර්ථකව ඉවත් කෙරිණි.

ඒ පිළිබඳව ජීවන් ද සිල්වාගේ පියා මෙසේ පැවසීය ‘‘මගේ දරුවාගේ මොළයේ ගෙඩියක් ඇති බව MRI පරීක්ෂණයකින් තහවුරු වුණා. ශල්‍යකර්මයක් අවශ්‍ය බව වෛද්‍ය සුනිල් අපට දන්වා සිටි අතර අපි ගොඩක් බය වුණා. නමුත් බොහෝ අය ඔහු හොඳම වෛද්‍යවරයා බව පැවසූ විට අපේ පුතා සුවය ලබන බවට සහතිකයක් ලැබුණා.”

තම දරුවාගේ ජීවිතය බේරා දීම පිළිබඳව ඒ සඳහා කැප වෙමින් වගකීම සියතට ගත් සියලුදෙනාට ම ස්තුති කරමින් ජීවන් ද සිල්වාගේ මව මෙසේ පැවසිය.‘‘ දරුවාගේ රෝගී තත්ත්වය ඔහුගේ ජිවිතයට තර්ජනයක් බව අපට පැවසුවාම අපේ සියලූ බලාපොරොත්තු නැති වෙලා ගියා. අපි බයවුනා. නමුත් දැන් මගේ දරුවා සුවවී සිටිනවා. අද අපි දරුවාගේ නිවසට එක්කරගෙන යනවා එය තමයි මගේ ජිවිතේ සතුටුම දවස. මගේ දරුවාට ජීවිතය ගෙන දෙමින්  නැවත අපිට ලබාදීම ගැන මම වෛද්‍ය පෙරේරා මහත්මා මෙන්ම රෝහලට සදා ණයගැතියි. අපි හිතුවටත් වඩා කලින් පුතා නැගිටලා සෙල්ලම් කරනවා. හැමදෙනාට ම අපි ස්තුතිවන්ත වෙනවා මේ දේ වෙනුවෙන්.’’

Leave A Reply

Your email address will not be published.