මාතර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයට අදාළව කරන ලද සමාජ මාධ්‍ය සමීක්ෂණයක ප්‍රතිපල පිටවේ… නිපුණ රණවක ඉදිරියෙන්

මෙවර මහා මැතිවරණය මාතර දිස්ත්‍රික්කයට තීරණාත්මක එකකි. එම දිස්ත්‍රික්කයෙන් මෙවර එක් අසුනක් ඉවත්වී එය බදුල්ල දිස්ත්‍රික්කයට එකතු විය. මෙවර ඒ නිසා මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ප්‍රමාණය 7 ක් බවට පත්වී තිබේ. ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05 ක් සහ එජාපය ආසන 02 ක් ලබා ගනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

මාතර දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් මෙන්ම නව අපේක්ෂකයන් ද කරට කර සටනක තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු දක්නට ලැබේ. ඒ අතර සමාජ මාධ්‍ය හරහා කරන ලද මනාප සමීක්ෂණයක් ද සැරිසරන ආකාරය දක්නට ලැබේ.

එහි ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේ නිපුණ රණවක නම් තරුණයා ය. ඔහුට ඉතා විශාල වශයෙන් මනාප ලැබී ඇති අතර බොහෝ දෙනා පවසා ඇත්තේ ඔහු මාතරින් ප්‍රථමයා වනු ඇති බවය.

මෙම මනාප ලයිස්තුවේ දෙවන ස්ථානය නිරෝෂන් ප්‍රේමරත්න හිමි කරගෙන ඇති අතර පිලිවෙලින් කංචන විජේසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අය අනෙකුත් ස්ථාන හිමිකරගෙන ඇත.

ඉතිරි සියලු දෙනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර නිපුණ රණවක මෙවර පලමු වරට මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකි. ඔහු මාතර ජනතාව අතර ඉහල ජනප්‍රසාදයක් දිනාගෙන ඇති තරුණ නායකයෙක් වන අතර අපි ඔහු ගැන විශේෂයෙන්ම සොයා බැලුවෙමු. දැන ගන්නට ලැබෙන ආකාරයට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුතාය.

Leave A Reply

Your email address will not be published.