ශ්‍රී ලංකාව මින් ඉදිරියට ආරක්ෂාකාරී ක්‍රිකට් ගහන්නෙ නෑ – මිකී ආතර්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට වෙන්නෙ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුගේ පලමු එක්දින තරගාවලියේදීම කණ්ඩායම සුපිරි දස්කම් අතරට එන්නට සමත්විය. පුහුණුකරු තරගාවලියට පෙර කියූ දෑ එලෙස ම සිදුවූ අතර ක්‍රීඩා විලාසයේ ද වෙනසක් වන බව පුහුණුකරු පැවසීය.

තරග ජයගන්නට නම් ක්‍රීඩා කල යුතු ආකාරය ගැන නව පුහුණුකරු මිකී ආතර් මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

පා දග පන්දුයවන්නන් දෙන්නා මැද ඕවර්වල ලකුණු අඩුවෙන් දීල විකට් අරන් ඇටෑක් කරන්න ඕනි. වනිදුගේ පන්දුයැවීමට ඉතා හොද පන්දු පාලනයක් තියෙනවා. එයා ගොඩක් ඉදිරියට යන ක්‍රීඩකයෙක්. මුල්පෙළ පිතිකරුවන් 4දෙනාගෙන් මම අර්ධ ශතක බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයාල ශතක එක්ක දිගු ඉනිම් ගහන්න ඕනි.

එක්දිනවල කෙටි ඉනිම්වලට වඩා දිගු ඉනිම් තමයි වැදගත්. අපේ මුල්පෙළ පිතිකරුවන් ශතක ගහන එක වැදගත්. ශ්‍රී ලන්කාව මින් ඉදිරියට ආරක්ෂාකාරී ක්‍රිකට් ගහන්නෑ. ඇටෑකින් ක්‍රිකට් විතරයි අපි ඉදියට ගහන්නේ. ආතර් මෙලෙස අදහස් දැක්වීය.

Leave A Reply

Your email address will not be published.