හමුදාපතිට විරුද්ධව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා, නිමල්කා..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මූලික තොරතුරු ලබාදී ඇත්තේ පැවති යහපාලන රජය විසින් බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරති.

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙසේ තොරතුරු ලබා දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

ඔවුන් විසින් පසුගිය වසර පහ පුරාවට ලබාදුන් තොරතුරු ඇමරිකාව විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සඳහන් කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

අද දිනයේ හමුදාපතිවරයාට එල්ල වූ මේ චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්වරයාට අනිද්දා වනවිට ජනාධිපතිවරයාට පවා එල්ල විය හැකි ද හිමියෝ පැවසූහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ අදහස් පල කරන ලදී.

  • lanka c news

Leave A Reply

Your email address will not be published.