ගෝඨාභය කැමති සජිත් අගමැති වෙනවට…. මහින්ද, ගෝඨාභය, බැසිල් දැනටම ගැටුම්.. – හිරුණිකා

ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් වූවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට බොහෝ සතුටු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුවේ ගෝඨාභය, මහින්ද, බැසිල් කණ්ඩායම් අතර ගැටුම් ඇති වී තිබෙන බවද ඇය පවසයි.

එසේ බැලූ කල ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තනි විය හැකි බවද කී මන්ත‍්‍රීවරිය එනිසා ඔහු සමග ආණ්ඩු කළ හැකි හොඳම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා යයිද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • cnews

Leave A Reply

Your email address will not be published.