ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර තිබිල නෑ. අවුරුද්දට කලින් ඡන්දෙ තියන්න අපේ සහය ඉල්ලනවා .- එජාපය කියයි..

ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර බලයට පත් වී නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

‘ලංකාව දුප්පත් රටක් අපට කිසිවක් කර කියා ගන්න බැහැ’ යයි අද ලංකාවේ නායකයන් ලෝකය හමුවේ දනින් වැටෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

අද වනවිට දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම නිසා එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජනතාව බලවත් පීඩනයකට පත් වන බව ද ඔහු කීය.

ඒ නිසා ඊට පෙර මැතිවරණය පැවැත්වීමට ඔවුන් උත්සාහ කරන බවත් යෝජනාවක් සම්මත කිරීමට සහාය වන ලෙස අවස්ථා කිහිපයකදීම එජාපයෙන් ඉල්ලූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.