ඉදිරි පැය 36 ක කාලගුණය

ඉදිරි පැය 36 ඇතුළත සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට සවස 2.00 න් පමුණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත කළ නිවේදනයක දැක්වෙයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 දක්වා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave A Reply

Your email address will not be published.