දකුණු අප්‍රිකාව පාකිස්ථාන තරග සංචාරය අත්හිටුවයි

ලබන මාසයේ සැලසුම් කර තිබූ පාකිස්ථාන තරග සංචාරය අත්හිටුවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ඒ මෙම දිනවල තරඟාවලි රැසකට සහභාගී වී සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ වෙහෙසකර භාවය සැලකිල්ලට ගනිමින්.

පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වන ලෙස එරට ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ලබන මාසයේ විස්සයි විස්ස තරඟාවලියක් සඳහා පාකිස්ථානයට සිය කණ්ඩායම යොමු කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබුණි.

ඊට පෙර ආරක්ෂක අංශ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ක්‍රිකට් ආයතනයේ නියෝජිත පිරිසක් පාකිස්ථානයට පිටත් කර හැරීමට ද ඔවුන් සැලසුම් කර තිබූ බව සඳහන්.

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් මේ දිනවල තරඟාවලි රැසකට සහභාගී වී සිටීම හේතුවෙන් පාකිස්ථාන තරඟ සංචාරය කල් දැමීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.