ශතවර්ෂයකට පසුව ශීත ඍතුව උණුසුම් වෙයි

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ශතවර්ෂයකට අධික කාලයකට පසුව ප්‍රංශයේ මෙවර ශීත ඍතුව අන් කවරදාටත් වඩා උණුසුම් වී තිබේ.

එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පිරෙනීස් කඳුකරයේ පිහිටි සංචාරක නිකේතනවලටයි.

ශීත ඍතුවේ මැද භාගය වන විටත් අපේක්ෂිත හිම පතනය නොලැබී යාම හේතුවෙන් කඳුකර නිකේතනයේ හිම ධාවන පථ වසා දැමීමට සිදුව තිබේ.

සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් දේශීය ආපනශාලා සහ හෝටල්කරුවන්ගේ ජීවිකාවන්ටද බලපෑම් එල්ල වී ඇති බව සඳහන්ය.

පසුගිය දිනවලදී දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කට වැඩි අගයක් ගෙන තිබුණි.

මේ තත්ත්වය සැළකිල්ලට ගෙන ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ අනාගතයේ අත්විඳීමට සිදුවිය හැකි අනිටු ප්‍රතිවිපාක පිළිබඳව විද්‍යාඥයින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ අවම හිම සහිත පරිසරයක් තුළ ශීත ඍතු අත්දැකීම විඳ ගැනීමට මින් මතුවටත් මෙහි පැමිණෙන සංචාරකයින්ට සිදුවනු ඇති බවයි.

ප්‍රංශය මේ වර්ෂයට පෙර දෙසැම්බර් සහ ජනවාරි මාසවල මෙතරම් අවම ශීත කාලගුණ තත්ත්වයක් අත්විඳින ලද්දේ 1900 වර්ෂයේදී බව සඳහන්ය.

කෙසේ වෙතත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ මෙවැනි කාලගුණ තත්ත්ව අනාගත ලෝකයේ සුලබ තත්වයක් වනු ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.