මං බදුල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලනවා.. ‘වියත්මග’ පළමු සාමාජික 10 අතරත් මම ඉන්නවා – ඕෂධි හේවාමද්දුම

තමන් මීළඟ මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් තරග වදින බව රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් 2010 වසරේ සිටම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලි බවත් ඒ නිසා තමන්ට එල්ලවන විවේචන අදාළ නොවන බව ඇය පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කැප වූ වියත්මග සංවිධානයේ පළමු සාමාජිකයන් දස දෙනා අතර තමන් ද සිටින බව ඇය සඳහන් කරන්නීය.

මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තමනට සුදුසුකම් ඇතැයි ද ඇය කියා සිටියි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

Leave A Reply

Your email address will not be published.