ආදර්ශවත් ගුරුවරයෙකුගෙන් දරුවන්ට අපුරු තෑග්ගක්

පහුගිය ජනවාරි තිස් වැනිදා අපුරු උපන්දින උත්සවයක් ගැන අපට විස්තර දැනගන්න ලැබුනා. හැබැයි කවුරුත් නොහිතන විදියට තමයි ඒ උපන්දින උත්සවය සංවිධානය වෙලා තිබුණේ.  මේ කියන්නේ ජනවාරි මාසේ තිස් වෙනිදා ගැන. එදා තමයි ධනුෂ්ක සම්පත්ගේ උපන්දිනය.  ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. ධනුෂ්කගේ උපන්දින සැමරුම බහුතරයක් ගුරුවරුන්ට පමණක් නෙවෙයි ලංකාවේ ඉන්න හැමෝටම ආදර්ශමත් වෙන විදිහට ඔහු  සැමරුවේ.

මේ කියන දවසේ මොනරාගල දඹගල්ල අල්පිටිය මහා විද්‍යාලයේ දී විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන් ධනුෂ්ක විශේෂිත වූ පන්ති කාමරයක් නිර්මාණශිලිව ගොඩනගලා තිබුණා ඒක හරි අපුරු සංවේදි තේමාවක් ” පෙති එක දෙක ගිලිහුනාට අපිත් සුවද මල් ” එහිදී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන කළමනා මෙන්ම තෑගි බෝගත් ලබා දුන්නා. මේ පන්ති කාමරය නම් කරලා තිබුණේ විශේෂ ළමා සංවර්ධන ඒකකය කියලා. මේ මොහොතට  මොනරාගල අල්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන් සහභාගී වුණා.  ඒ වගේම මේ සත්කාර්යය ඉටු කරන්නට ධනුෂ්කට සහයෝගය දුන්නු දිමුතු ලක්මාල් ගුරුතුමා, මනෝජ් ප්‍රසාද් ගුරුතුමා, සෞමය ගුරුතුමා ,නන්දා ගුරුතුමිය වගේ මිතුරු කැළත් සහභාගී වෙලා තිබුනා. ඒ වගේම මෙහි අපූර්වම කාතාවනම් මෙහි පැමිණි අමුත්තන් සිකිවෙක් එදා ධනුෂ්කගේ උපන් දිනය කියලා නොදැන හිටපු එක.ඉතින් තවමත් තාරුන්‍යය ගත කරමින් හිඳින ධනුෂ්ක සම්පත් වගේ තරුණ ගුරු භවතෙක් මේ ලෝකයටම ආදර්ශයක් ගෙන දීම මොනතරම් නම් අපි විසින් අගය කළ යුත්තක්ද.

  • සංජක

Leave A Reply

Your email address will not be published.