දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තොග වෙළඳ සැළකට අයත් ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපතිවරයා ඊයේ (25) පියවරගත්තේය.
කෘමිනාශක යොදා ගුල්ලන් සහ පණුවන් විනාශ කර යළි ඇසුරුම් කර වෙළෙදපොළට නිකුත් කිරීම කලක පටන් සිදුව ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 3 දෙනෙකු මෙහිදී හමුවූ අතර, තිරිඟු පිටි ඇසුරුම් 52ක්ද දඹුල්ල නගර සභාව සිය භාරයට ගත්තේය.