මම ජනාධිපතිතුමා සමග වැඩ කරන්න ලෑස්තියි.. ඡන්දෙන් පස්සේ පොදු ජනතාව ජීවත් කරවන යුගයක් හදනවා

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පොදුජනතාව ජීවත් කරවන යුගයක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (25) මැදිරිගිරියේ පැවති ජනහමුවක් අමතමින්.

පසුගිය ජනාධිපතිවරණයේදී සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට ස්තූතිය පළකිරීමේ තවත් ජන හමුවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මැදිරිගිරියේදී පැවැත් විය.

ජනාධිපතිතුමන් සමග එකට වැඩ කිරීමට තමන් ට කිසිම ගැටළුවක් නැති බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

Leave A Reply

Your email address will not be published.