පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාර ගත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හෝ පොලිස්පති පූජිත ජයසුන්දට ඊට ප‍්‍රධාන වගකිව යුත්තන් නොවන බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වගකිව යුත්ති වුවද ඔහු පැජට් පාරේ කෝටි ගණනාවක මාලිගාවට වී සැප විදින බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැන් මුක්තිය නොමැති නිසා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ප්‍රහාරය එල්ල වන බව දැනගෙන සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැන ගොස් බොරු කියමින් සිටි බවත්, පාස්කු ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේනගේ බිලි පූජාවක් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කීවේය.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Leave A Reply

Your email address will not be published.