පොහොට්ටුව භික්ෂුන්ට නාම යෝජනා දෙන්නේ නැද්ද ?

ඉදිරි මහමැතිවරණයේදී භික්ෂූන් වහන්සේට හෝ වෙනත් පූජකවරුන්ට නාම යෝජනා ලබා දෙන්නේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් එළඹ නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකළ නිල නොලත් සාකච්ජාවකදී භික්ෂුන් වහන්සේලාට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු බවත් ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නායක ස්වාමින් වහන්සේලා සමග සාකච්ජා කොට ඉදිරි තීරණයක් ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත්වූ බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.

භික්ෂූන් වහන්සේ මැතිවරණවලට තරග කරමින් සක්‍රීය දේශපාලනයේ යෙදිය යුතු දැයි මීට පෙර ද අවස්ථා කිහිපයකදී සංවාද ඇතිවුණා.

– නෙත්

Leave A Reply

Your email address will not be published.