ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි… කුසල් ජනිත් සංචිතයේ නැහැ

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදි ක්‍රීඩා කළ සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් මෙම සංචිතය නම් කර තිබේ.

ඒ අනුව අසිත ප්‍රනාන්දු වෙනුවට අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කර ඇති අතර දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දුන් කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

කෙසේ වෙතත් දෙරට අතර පැවැති අවසන් ටේස්ට් තරග 8ම ජය ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව දෙරට අතර පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 27 සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.