ජනපති කටුනායක ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක

රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපළ බලධාරීන්ට අද (16) උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

ගුවන් තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල මහජනතාව අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවටද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු ඉන් පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ගැන මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ නිරික්ෂනය්කට ලක්වී ඇත.

ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාද හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී ආගමනා විගමන අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරීමෙන් කාර්යක්ෂම සේවාවක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කොට එය ජනතා අයිතියට පවරන ලෙස ගුවන් තොටුපළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා ගුවන් තොටුපළ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

ගුවන් තොටුපලින් පිටව ටන සහ පැමිණෙන මගීන් සමගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුහද කතා බහක නිරතවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.