පොදු ප්‍රවාහනයේ නව යුගයක් අරඹමින් මයික්‍රෝ සමාගමෙන් දැවැන්ත වැඩපිළිවෙලක්

ඉතිහාසය:

ආනයනික චැසි යොදාගෙන ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන රථ සැකසීමේ ඉතිහාසය1950 තරම් ඈතට දිව යයි. ට්‍රක් රථ (ලොරි බොඩි) ද එම කාලය තුළ දේශීයව ඉදිකර තිබේ. බස්/ලොරි බොඩි සැකසීම 1960-70 වන විට ශීඝ්රායෙන් ඉහළ ගිය ද 1977 දී එවක රජය විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රමිතියෙන් තොර වාහන වලින් පිරි කුණු කන්දක් බවට පත්වීමට ආරම්භ විය. ඒ අනුව ට්‍රක් රථ චැසි යොදාගෙන නිපදවන ලද බස් රථ ආනයනය කිරීමේ නව ප්‍රවණතාවක් ඇති වූ බැවින් ලංකාවේ බස් හා ලොරි වල චැසි සහ බොඩි සැකසීමේ කර්මාන්තය ක්‍ර්මයෙන් පහළ බැස්සේය.ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව බස් චැසි නිර්මාණය කිරීමේ පහසුකම් සහ කම්හල් තිබූ අතර එය සෑම ප්‍රදේශයකම පාහේ දහස් ගණනක සේවකයන්ට රැකියා සැපයීය.විශාලතම කර්මාන්ත ශාලා පිහිටා තිබුණේ වේරහැර සහ ඒකල යන ප්‍රදේශවලය.මෙම කර්මාන්තයේ උච්චතම අවස්ථාව වන විට 50,000 කට ආසන්න පිරිසකට සෘජු රැකියා සමග 200,000 කට වැඩි පිරිසකට රැකියා සපයමින් ශක්තිමත් කර්මාන්තයක්ව පැවතිණි. තවද මෙම කර්මාන්ත ශාලා නිසා විශාල පිරිසකට මෙම කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබුණි.

1980 මැද භාගය වන විට, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රමිතියෙන් තොර ඉන්දියානු බස් රථ ආනයනයට යොමු වූ අතර, පසුව අනෙකුත් කුඩා ආයතනයන් ද ඊට යොමුවීමෙන් අඩ ශතකයක් පමණ වැජඹුනු කර්මාන්තයක් මීළඟ දශකය තුළ කෙමෙන් වියැකී ගියේ ය. නිදහසින් පසු දහස් ගණනක් දේශීය ජනයා සේවයේ යොදවන්නට සමත් වූ පොහොසත් කර්මාන්තයක් අපසතුව තිබුණද, අද වනවිට මෙරට මගීන් අනාරක්ෂිත ට්‍රක් රථ චැසි යොදා ඉදිකර ඇති බස් රථ වල ගමන් කිරීම අවාසනාවකි. මෙම බස් රථ යැයි කියනා ට්‍රක් රථ (ට්‍රක් බස් රථ) පොදු ප්‍රවාහනය සඳහා කිසිසේත් ආරක්ෂිත නොවන අතර, නූතන ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන බැවින් මාර්ග අනතුරු හානි ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. නවීන තාක්ෂණය නොහඳුනන මෙම ට්‍රක් බස් රථ පරිසර දූෂණයට ප්‍රධානතම හේතුවක්ව ඇත්තේ ඒවා ගෝලීය කාබන් විමෝචන ප්‍රමිතීන්ට අනුකූල නොවන එන්ජින් වලින් සාදා ඇති බැවිනි.

හදිසියේ ගත් ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවූ අහිතකර පාරිසරික බලපෑම්:

මීට මාස කිහිපයකට පෙර අප අත්විඳි ආකාරයට, ශ්‍රීලංකාවේ වායු ගෝලයේ ඇති වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර ලංකාව දැන් ආසන්න වශයෙන් ස්වසන රෝග වැල දීමට අවදානම් කලාපයක් බවට පත්ව තිබේ. දැන් තරුණ හා මහලු බොහෝ දෙනෙක් තුළ ස්වසන රෝග වැලදී තිබෙන බව අපට සක්සුදක් සේ පෙනෙන කාරණාවකි. එය වක්රාකාරව දේශීය සෞඛ්ය වියදම් වෙත ද බලපානු ලබයි.කුඩා දූපතක් ලෙස අප එවැනි ගැටලුවලට මුහුණ දෙන්නේ අතීතයේදී අනුගමනය කරන ලද කෙටිකාලීන දෘෂ්ටි කෝණයෙන් යුත් ප්‍රතිපත්ති හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ආනයන ආදේශනය සහ අපනයන විවිධාංගීකරණය ඉතා වැදගත් වේ

දේශීයව ඉදි කරන ලද නව බස් රථ සඳහා යුරෝ IV පරිසරහිතකාමී එන්ජින්, ABS තිරිංග, වායු සස්පෙන්ශන්, වායුසමීකරණ, කාබන් විමෝචන අඩු කිරීමේ තාක්ෂණය, 4.0 වන ස්මාර්ට් කර්මාන්ත තාක්ෂණය, GPS සහ ස්වයංක්‍රිය ගාස්තු එකතු කිරීමේ පද්ධතිය (ඉ-ටිකට් පත් පද්ධතිය), සුවපහසුව, ආරක්ෂාව සහතික කිරීම යනාදිය ඇතුළත් වේ. වැදගත්ම දෙයනම් කල් පැවැත්ම වැඩි සහ අඩු නඩත්තු පිරිවැයක් තහවුරු කිරීමට අවධානයක් යොමු කරමින්,සේවා සුලබ කිරීම මඟින් මෙහෙයුම් කරුවන්ගේ ලාභදායීතාවය ඉහළනැංවීම සහ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීමයි. රටක් වශයෙන් එවැනි නවීන පරිසරහිතකාමී හා ආරක්ෂිත ප්‍රවාහන මාධ්යායක් ශ්‍රී ලාංකික මාර්ග වලට ලැබීමට තිබුණේ මීට‍ බොහෝ කලකට පෙර වන අතර නුදුරු අනාගතයේදී ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට සහ පෞද්ගලික මෙහෙයුම්කරුවන්ට එය අත්විඳින්නට හැකිවනු ඇත.

මීට වසර 150කට පෙර ඉදිකරනලද වටිනාම දුම්රිය යටිතල පහසුකම් වලින් එකක් වන ශ්‍රීලංකා රජයේ දුම්රිය සේවාවට ද ග්‍රාමීය-නාගරික සම්බන්ධතාවය සඳහා ජනතාවට සුවපහසු ගමන් බිමන් සඳහා ක්ෂණික පියවර ගත හැකිය. 2004 දී මයික්‍රෝ කාර් සමාගම විසින් ආර්ථිකමය වශයෙන් ඵලදායී ලංකා ඉකොනෝරේල් (Lanka Econo Rail) සංකල්පය යටතේ දුම්රිය සේවයට අදාල දෑ ඉතා ලාභදායී පිරිවැයකින් ශ්‍රීලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලද අතර එය 2004 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත වුවද, නිලධාරිවාදය හේතුවෙන් ඉදිරියට ගෙනයා නොහැකි විය.මෙම පද්ධතිය ‘ඩීසල් / විදුලි බහු ඒකකය’ (DMU) ලෙස හැඳින්වෙන අතර සෑම මැදිරි තුනකටම මධ්යම අශ්ව බල එන්ජිමක් බැගින් ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික හෝ දුම්රිය එන්ජින් ආනයනය කිරීම හා සසඳන විට නිෂ්පාදන පිරිවැය සහ නඩත්තුව අනුව ගත් කල,මෙම DMU වඩාත් ලාභදායී වේ.

ඵලදායී ශ්‍රීලංකාවක් සඳහා අක්‍රිය කර්මාන්ත පුනර්ජීවනය කිරීම:

මෙම ව්යා්පෘති මඟින් මෝටර් රථ ඉංජිනේරු / සැලසුම්, තොරතුරු තාක්ෂණ, ගිණුම්කරණ, කළමනාකරණ / පරිපාලන සහ අපගේ තරුණ තරුණියන්ට අවශය වෘත්තීය නිපුණතා පුහුණුව යන ක්ෂෙත්‍ර වල සෘජු රැකියා 2,200කට අධික සංඛ්යා‍වක් සහ වක්‍ර රැකියා අවස්ථා 3500කට වැඩි ප්‍රමාණයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කෙරේ. කර්මාන්තය දියුණුවත් ම එය තවත් ඉහළ යනු ඇත. තවද ශ්‍රී ලංකාවේ සිටින පලපුරුදු දුම්රිය ඉංජිනේරුවන් බොහෝ පිරිසක් රට හැර යන තත්වයක් ද මතුව ඇති අතර එම තත්වයද වෙනස් කල යුතු වේ. දුම්රිය ඉංජිනේරුවන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාල වල සහ කාර්මික ආයතන වලින් බිහිවන බොහෝ පුහුණු කාර්මිකයන් සහ ඉංජිනේරුවන්ද විදේශගත වීමද බහුලව දක්නට ලැබෙන තත්වයකි. මෙය වෙනස් කිරීමට හැකි එකම මඟ ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත දියුණු කිරීමයි.

නව රජය විසින් වරක් සාර්ථකව තිබූ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට කටයුතු කරනු ලබන අතර දේශීය ආර්ථිකය පෝෂණය කරමින් තරුණ තරුණියන්ට අවශය දේශීය රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා ආර්ථිකය පෝෂණය කිරීම, දේශීය කර්මාන්ත පෝෂණය කිරීම හා පොහොසත් කිරීම, දේශීය අවශ්යතාවයන් සපුරාලීමේ මූලික අරමුණ ඇතිව නව තාක්ෂශණයන් දායාද කිරීම සඳහා පහසුකම් සැලසීම සහ ඒ සමඟම විභව අපනයන වෙළඳ පොළවල් ඇති කරගැනීමට ද කටයුතු කරනු ලබයි.

අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දර්ශනය වන “රට හදන සෞභාග්යේ දැක්ම”වෙත සහ ශ්‍රී ලංකා රජයට සහයෝගය දක්වමින්, මයික්‍රෝ කාර් සමාගම, 25 වසරක ශ්‍රීලංකාවේ පුරෝගාමී මෝටර් රථ නිෂ්පාදකයා වශයෙන්, දැවැන්ත යුරෝපීය සහ ආසියානු සමාගම් සමග ජාත්යන්තර තාක්ෂ්ණික ගිවිසුම් වලට එළඹෙමින් යුරෝපා සංගමෙහි සම්මත ප්‍රමිතීන්ගෙන් යුත් බස්, වාණිජය හා අනෙකුත් වාහන සහ ඩීසල් බහුවිධ ඒකක මෙරටදීම ඉදිකරන්නෙමු.

දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති මයික්‍රෝ කාර් සමාගම, ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු කර්මාන්තයට අමුත්තෙකු නොවේ. ශ්‍රී ලංකාවේ සාමාන්ය ජනතාවගේ සහ මගීන්ගේ අවශ්යතා සපුරාලීම වෙනුවෙන් දේශීයව ගොඩනගන ලද පරිසර හිතකාමී, ආරක්ෂිත, ස්මාර්ට් සහ සුවපහසු පරිපූර්ණ පොදු ප්‍රවාහනයක් ගොඩනැගීමේ අභියෝගයට මුහුණදීමට මයික්‍රෝ කාර් සමාගම තම අවධානය යොමුකර තිබේ.

රැකියා උත්පාදනය කිරීමට,ආර්ථිකය උත්තේජනය කිරීමට, සහ දේශීය නිෂ්පාදන කර්මාන්ත පුනර්ජීවනය කිරීම සඳහා වූ රජයේ අභිලාෂය හා දැක්ම ඇතිව ශ්‍රී ලංකාව වඩාත් සවිබල ගැන්වීම සඳහා දැන් ස්මාර්ට් ප්‍රවාහන විසඳුම් සහිත ස්මාර්ට් නගර ඉදිකරමින්,IOT තාක්ෂණය සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණයන්ට අදාල අනුවර්තනයන් ද ළඟා කරගනු ඇත.

ජාත්යින්තර ආයෝජකයන් ශ්‍රීලංකාවේ ආයෝජනය කිරීමට සැරසේ:

මෙම අවශ්ය‍තාවයන් සපුරාලීම උදෙසා නිෂ්පාදන පුළුල් කිරීමේ ධාරිතාව ලිහිල් කිරීම අරමුණු කරගනිමින් මයික්‍රෝ කාර් සමාගම සිය ජාත්යන්තර ආයෝජකයින් සහ හවුල් කරුවන් සම්බන්ධ කරගනිමින් පළමු අදියරේදී ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ දෙවන අදියරේදී තවත් ඩොලර් මිලියන 200ක් ආයෝජනය කර ඇත.මෝටර් රථ ඉංජිනේරුවරයෙකුගේ නායකත්වයෙන් යුත් එකම මෝටර් රථ සමාගම වන මයික්‍රෝ කාර් සමාගම,ශ්‍රී ලංකාවේ පළමුවරට වාණිජමය වශයෙන් නිර්මාණය කරන ලද පළමු මෝටර් රථය සඳහා පේටන්ට් බල පත්‍රයද ලබාගත් සමාගම වේ. වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති පළපුරුදු ඉහළ කළමනාකරණ කණ්ඩායමක් සමඟ ජාත්යන්තර ප්‍රමිතිය මෙරටට ගෙන එමින් ප්‍රවාහන හා සැපයුම් විසඳුම් ලබාදීමට මයික්‍රෝ කාර් සමාගම විසින් කටයුතු කරනු ඇත.

තවද,මෙම යෝජිත සැලැස්ම මඟින් මෝටර් රථ උපාංග නිෂ්පාදනය, ටයර්, බැටරි, විදුලි කේබල්, තීන්ත, රබර් නිෂ්පාදන වැනි කර්මාන්ත දාමයන්හි සහ,කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රාශියක පරිමාව වැඩි කිරීමට කටයුතු කරනු ඇත.

නොපෙනෙන අන්තයත ප්‍රතිලාභයන්ගෙන් සපිරි මෙම දැවැන්ත ව්යාැපෘතිය දේශීය කර්මාන්තවල පවත්නා සැපයුම් දාමයන් වෙත නවමු මාවත් හෙළි පෙහෙළි කරමින්, ජාත්යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීන තාක්ෂ්ණයන් වෙත පියමන් කරමින්, නව රැකියා බිහි කරන අතරේ දැවැන්ත දේශීය ඉල්ලුමක් සපුරාලීම උදෙසා අවධානය යොමුකරයි.

ශ්‍රී ලංකාවේ අපට එය කළ හැකිය!

ඒ සමඟ, 2020 – 2025 අතර 6.5% ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට, ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 6,500 දක්වා ඉහළ නැංවීමට, සහ විරැකියාව 4% ට වඩා අඩු මට්ටමක පවත් වාගැනීම සඳහා වූ සාර්ව ආර්ථික ඉලක්ක ඇති ශ්‍රී ලංකාව දැන් ඒ වෙත ළඟා වීම සඳහා මුල් පියවර තබමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.