රාජිත රෝහලෙන් පිටව යයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඊයේ(13) මධ්‍යම රාත්‍රි ඒ මහතා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාදවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි අතර ඔහුගේ රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 10කට අධික බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.

මේ අතර ලබන 17 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද රාජිත සේනාරත්න මහතාට ඊයේ දිනයේ කොළඹ මහාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබුවා.

Leave A Reply

Your email address will not be published.