චම්පික එජාපයට එක් කර ගන්නවා.. ඔහුට එජාපයේ ඉහල තනතුරක් දෙනවා..

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එමෙන්ම ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන්නේ යැයි ද ඔහු පැවසීය.

රණවක මහතා අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් තම පක්ෂයට එවන් පුද්ගලයන් විවෘත කිරීමට කාලය එළඹ ඇති බව ද ඔහු තව දුරටත් කීය.

විපක්‍ෂ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ අවිස්සාවේල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.