Huawei නවතම Y9s හා Y6s ස්මාර්ට් දුරකතන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් Y කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන එකතුවට එක් කරනු ලැබූ නවතම මාදිලි ලෙසින් Huawei Y9s හා Y6s දුරකතන පසුගියදා වෙළෙඳපොළට නිකුත් කරනු ලැබීය. විශාල මතක ධාරිතාවය හා විශිෂ්ට ඡායාරූප ගැනීමේ හැකියාව නවතම Huawei Y9s හා Y6s මාදිලිවල කැපී පෙනෙන ලක්ෂණ වේ.
6GB RAM සහ 128 GB ROM සමඟින් එන Huawei Y9s එහි ඇති විශාල මතක ධාරිතාවය හේතුවෙන් වෙළඳපොල තුල දැඩි ආකර්ෂණයකට ලක් වනු බව කිව හැකි අතර, මේ හේතුවෙන් පරිශීලකයින්ට කිසිඳු බාධාවකින් තොරව applications කිහිපයක් වුවත් එක වර ක්රියාත්මක කිරීමේ හැකියාව හිමි වේ. Y9s හි 48MP ultra-clear ප්රධාන කැමරා, 8MP Ultra Wide Angle කැමරා සහ 2MP depth කැමරා අඩු ආලෝක තත්වයන් වලදී වූවද ඉතා පැහැදිලි හා අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි. EMUI 9.1 සහ වැඩි දියුණු කරන ලද Kirin 710F octa-core පරිපථ මත පදනම්ව නිපදවා තිබීම හේතුවෙන් Huawei Y9s අවම බල වැයවීමක් සහ වේගවත් ක්රියාකාරීත්වයක් සනාථ කරයි. AI communication, wireless printing, phone clone , Huawei Share ඇතුළු තාක්ෂණික විශේෂාංග රැසකින්ද සමන්විත Y9s හි දැකුම්කලු නිමාව පාරිභෝගිකයින් නිසැකයෙන්ම ආකර්ෂණය කර ගනු ඇත. දුරකතනයේ 6.59” Ultra FullView Display පරිශීලකයින්ගේ ජංගම දුරකථන අත්දැකීම් වඩාත් පහසු කරන අතර එහි 4000mAh බැටරිය නොනවත්වා පැය 40කට අධික කාලයක් ඇමතුම් ලබා ගැනීමේ පහසුව, පැය 80කට අධික කාලයක් සංගීතයට සවන් දීමේ හැකියාව සහ පැය 9ක කාලයක් video නැරඹීමේ හැකියාව සපයයි. මෙවැනි සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත Y9s ස්මාර්ට් දුරකතනයක් රුපියල් 46,499.00 වැනි මුදලකට දැන් මිලදී ගත හැක.
Potent octa-core processor සමඟින් එන Huawei Y6s හි 3GB RAM, 64GB ROM සහ GB 512 ක් දක්වා වර්ධනය කල හැකි මතක ධාරිතාවය හේතුවෙන් පරිශීලකයින්ට විශාල ප්රමාණයේ දත්ත රැසක් කිසිඳු අවහිරතාවයකින් තොරව රඳවා තබා ගත හැකිය. දුරකතනයේ 13 MP rear camera සහ 8 MP front camera අලංකාර සහ පැහැදිළි ඡායාරූප ලබා ගැනීමේ අත්දැකීම පාරිභෝගිකයින්ට ලබා දෙන අතර 6.09” Dewdrop තිරය ජංගම දුරකථන ක්රීඩා වල නිරතවන්නන් සඳහා පුළුල් අත්දැකීමක් ලබා දේ. තවද EMUI 9.1 මඟින් බල ගන්වා ඇති Y6s හි වැඩි වෙලාවක් භාවිතා කල හැකි 3020 mAh බැටරිය පරිශීලකයින්ගේ එදිනෙදා කාර්Hන් වඩාත් පහසු කරයි. සිත් ඇඳගන්නා සුළු Orchid Blue සහ Starry Black ඇතුළු වර්ණ රැසකින් පැමිණෙන මෙම ස්මාර්ට් දුරකතනයේ මිල වනුයේ රුපියල් 25,499.00 ක් පමණි.
Huawei Y කාණ්ඩයේ ජංගම දුරකතන විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් ලෙසින් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ. පසුගියදා නිකුත් කළ මෙම Huawei Y9 හා Y6 ජංගම දුරකතන, පාරිභෝගිකයන් හට ඉහළම ක්‍රියාකාරිත්වයක් හා උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නට සමත්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.